ඇමෙරිකාවේ කොරෝනා මරණ 10000 සීමාවට - ඉදිරි සතිය දුෂ්කරම සතියක් - ට්‍රම්ප්


නිව් යෝර්ක්, අප්‍රියෙල් 6 (ෂින්හුවා) - ඉදිරි සතිය තුළ ඇමෙරිකාවේ කොරෝනා ආසාදිත මරණ වැඩි වශයෙන් වාර්තා විය හැකිබවත් ඒ අනුව එම සතිය ඇමෙරිකානුවට දුෂ්කරම සතියක් විය හැකි බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

" මරණ සම්බන්ධයෙන් එක්සත් ජනපදය බිහිසුණු ස්ථානයකට ළඟාවනු ඇත" යැයි ට්‍රම්ප් පැවැසීය.

කෙසේ වෙතත් "එය යහපත් දේ සඳහා වෙනස් වීමට පටන් ගන්නා ස්ථානයක් වනු ඇති"  බවත් ඔහු සඳහන් කළේය.

COVID-19 සඳහා ජනතාවගෙන් මිලියන 1.6 ක පරීක්ෂාවට ලක් කර ඇති බවත් එහි ප්‍රතිඵල ලැබී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ පද්ධති විද්‍යා හා ඉංජිනේරු මධ්‍යස්ථානයට අනුව, එක්සත් ජනපදයේ තහවුරු වූ COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉරිදා මධ්‍යම රාත්‍රිය වන විට 337,620 ක් විය. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 9643කි.

 



Recommended Articles